ලූනා - 25 , චන්ද්රයාන් - 3 ට පෙර සඳ ට
Friday, 18 August 2023 - 11:11 | Views - 710
රුසියාව විසින් සඳ වෙත යොමුකළ ලූනා - 25 යානය, ඉන්දියාවේ චන්ද්රයාන් - 3 යානයට පෙර සඳෙහි දක්ෂිණ ධ්රැවයට ගොඩ බානු ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළා.
මෙම යානයා දෙකම ලබන 23 වනදා චන්ද්රයා වෙත ගොඩබෑමටයි සැලසුම් කර ඇත්තේ.
පසුගිය ජූලි 14 වනදා චන්ද්රයාන් 3 යානය ගුවන් ගත කළ අතර ලූනා 25 යානය රුසියාව විසින් අභ්යවකාශය වෙත යොමුකරනු ලැබුවේ පසුගිය 10 වනදායි.
මේ වනවිට චන්ද්රයාන් යානය චන්ද්රයාගේ සඳෙහි කක්ෂයට ඇතුළු වී තිබෙනවා.
චන්ද්රයාන් 3 යානය සද මත ගෙඩබස්වනු ලැබුවහොත් ඇමරිකාව, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකරන සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති.
Share This Article