සමනල වැවේ ජල මට්ටම පහළ ට..
Thursday, 17 August 2023 - 10:44 | Views - 450
වියලි කාලගුණයත් සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා.
ඇතැම් ජලාශ වල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය දිනවල කතා බහට ලක්වූ සමනල වැව ජලාශයේ ජල මටට්ම සියයට 2.5 දක්වා පහත වැටී ඇති අතර සමනල වැවෙන් ජලය සපයන උඩවල ජලාශයේ ජල මට්ටමද සියයට 2.8 ක අගයක පවතිනවා.
නියං සමය ප්‍රයෝජනයට ගනිමින් වැව් ප්‍රතිසංස්කරණය සහ රොන්මඩ ඉවත් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ.
Share This Article