සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් කුඩා දරුවෙකු මරුට
Thursday, 17 August 2023 - 10:20 | Views - 2,018
කිළිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ අවුරුද්දකුත් මාස හතක් වයස සිගිත්තෙකු සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් පසුව ඊයේ (16) මිය ගොස් තිබෙනවා.

රාත්‍රී කාලයේදී මෙම දරුවා නිවසේ නිදා ගෙන සිටිය දී නිවස තුළට පැමිණ ඇති විස සහිත සර්පයෙකු දරුවාට දෂ්ඨ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වහාම එම දරුවා ව ධර්මපුරම් රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී රෝගී තත්ත්වය ඉතා බරපතල බැවින් කිළිනොච්චිය රෝහලට දරුවාව මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් මියගොස් අත්තේ තනුජන් ජැස්මින් නැමති අවුරුද්දකුත් මාස හතක් වයස පිරිමි දරුවෙක්.

ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මළ සිරුර භූමදාන කටයුතු සදහා ඥාතීන් වෙත බාර දී ඇති බව සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top