ආදරයට ලක්ෂ 18ක පොල්ලක්, අවසානයේ පෙම්වතියට සිදු වූ දේ
Tuesday, 15 August 2023 - 8:40 | Views - 649
පෙම්වතා ඕස්ට්‍රෙලියාවට යවන බව කියමින් රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් වංචා කළ තරුණියක් කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනයේ මනිපායි ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීමට කිළිනොච්චියට වරින් වර පැමිණ ඇති අතර එසේ පැමිණි එක් අවස්ථාවක දී තරුණියගේ ඥාතියෙකු ඕස්ට්‍රෙලියාවේ සිට කතා කරන බව කියමින් දුරකතනය පෙම්වතා අතට ලබා දී තිබෙනවා.
මෙසේ දින කීපයක්ම දුරකතනයෙන් කතා කිරීමෙන් පසුව පෙම්වතාව ඕස්ට්‍රෙලියාවට කැඳවා ගත හැකි බව පවසා ඊට අවශ්‍ය කටයුතු කිරීම සදහා පෙම්වතියට මුදල් ලබා දෙන ලෙස අදාල පුද්ගලයා පවසා තිබෙනවා.
ඒ අනුව, තරුණයා රුපියල් ලක්ෂ 18ක මුදලක් පෙම්වතියට දී ඇති අතර එම මුදල ලබා දුන් දිනයේ සිට පෙම්වතිය වෙනස් වන්නට පටන් ගෙන අවසානයේදී පෙම් සබඳතාවයද නවතා දමා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පෙම්වතා පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පෙම්වතිය අත්අඩංගුවට ගෙන ඇති කිළිනොච්චිය පොලීසිය ඇයව අධිකරණය වෙත ඉදීරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article