ලූනා 25 දත්ත සැකසීම ඇරඹෙයි
Monday, 14 August 2023 - 12:30 | Views - 575
වසර 47 කට පසු දියත් කළ ලූනා 25 චන්ද්ර ගවේෂණ යානයේ දත්ත සැකසීම රුසියානු විද්යාඥයන් විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
චන්ද්රයාගේ දක්ෂිණ ධ්රැවයේ ජල අංශු සම්බන්ධයෙන් සොයාබැලීමට දියත් කළ මෙම යානය ලබන 23 වනදා ගොඩබෑමටයි රුසියානු විද්යාඥයන් සැළසුම් කර ඇත්තේ.
සෝයුස් දෙක රොකට්ටුව මගින් ලූනා 25 ගවේෂණ යානය දියත් කරනු ලැබුවේ පසුගිය 11 වනදා වන අතර, ඊට වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රුසියාව, චන්ද්රයාගේ දක්ෂිණ ධ්රැවයට මෘදු ගොඩබෑමක් කළ පළමු රට වීමට උත්සාහ දරමින් සිටින අතර, ඉන්දියාවද මේ වනවිට එම ප්රදේශයටම සිය චන්ද්රයාන් 3 ගවේෂණ යානය යොමුකර තිබෙනවා.
Share This Article