නිවාස සියයකට අධික ප්‍රමාණයකට හානි කළ සුළඟ - කාලගුණය ගැනත් දැනගන්න..
Saturday, 12 August 2023 - 10:41 | Views - 1,245
කැබිතිගොල්ලෑව සහ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා හමාගිය තද සුළඟකින් නිවාස 105 කට හානි සිදුව තිබෙනවා.

මාස 4 කට අධික කාලයක් පැවති දැඩි නියගයෙන් පසුව පෙරේදා පස්වරුවේ වාහල්කඩ ප්‍රදේශයට ඇද හැලුනු වර්ෂාපතනයත් සමඟ හමා ගිය සුළං හේතුවෙන් මෙලෙස නිවාසවලට හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වාහල්කඩ ඩී එක, ඩී දෙක යන ප්‍රදේශ සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඩී හතර, බෝගස් හන්දිය, ඩී පහ, ඩී හත සහ නව ගම්මානය යන ප්‍රදේශවල නිවාසවලටයි මෙලෙස හානි සිදුව ඇත්තේ.

එසේම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ නිවේදනයේ සඳහන්.

තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ද සඳහන්.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top