සිත් තැවුලේ ශෝකයට පානයකින් තිත තියලා..
Friday, 11 August 2023 - 13:55 | Views - 409
තවමත් හරිහැටි හේතුවක් නොදන්න මෙහෙම කාරණා ගැන කවුරුත් වුණත් ඒ තරම් අවදානයෙන් බලන්නේ නැතිව ඇති.. 

ඒත් ජීවිතයක වටිනාකම නොතේරෙන්න තරම් මිනිස්සුත් අපේ සමාජයේම ඉන්නවා නේද කියන එක මෙහෙම පුවත් අහන දකිනකොට හිතෙනවා මේ පුවත වාර්තා වෙන්නේ දඹුල්ලෙන්..

ඔහු මෙලෙස කෘමි නාශක පානය කරන්නට ඇත්තේ කුමන හෝ හේතුවකට එකවරම තමගේ ජීවිතය නැති කරගන්නට සිතා වෙන්නට ඇති...

සියදිවි නසා ගැනීමට කෘමි නාශක පානය කිරීමෙන් පසු පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ඊරිගේඔය ප්‍රදේශයේ බස් නැවතුම්පලක වැටී සිටි පොලිස් සැරයන්වරයෙකු පසුව්ස ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා...

මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ පොලොන්නරුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙක්...

මොහුගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසියෙන් මේ වන විට විමර්ශන සිදු කිරීමේ දී හෙළි වී ඇත්තේ පොලොන්නරුව පොලිසියේ සිට පොලොන්නරුව අධිවේගී මාර්ග ආරක්ෂා කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලැබීම සම්බන්ධව පැවසීමට සිය බිරිඳට ඔහු ඇමතුමක් ලබාගෙන ඇති බවයි...

එහිදී ඇතිවූ වචන හුවමාරුවකදී ඇති වූ සිත් තැවුලක් නිසා ඔහු මෙලෙස කටයුතු කර ඇතැයි මේ වන විට සැක පලවී තිබෙනවා.. කොහොම වුණත් මේ වන විට පොලිස් සැරයන්වරයා දඹුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා..

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු හබරණ පොලීසිය විසින් සිදුකරනවා...  


 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top