මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්වතිය කෙලෙසූ පෙම්වතා අත්අඩංගුවට..
Friday, 11 August 2023 - 13:39 | Views - 367
පහළොස් හැවිරිදි සිසුවියක් නිවැසියන්ට හොරරහසේ මුහුණු පොතෙන් හඳුනාගත් තරුණයෙකු සොයා මුල්ලේරියාව ප්‍රදේශයට ගොස් එහිදී එම තරුණයා අතින් ඇය දූෂණයට ලක්වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

අළුත්ගම පොලිස් වසමට අයත් දර්ගා නගරය ප්‍රදේශයෙන් මෙම පුවත පිළිබඳව වාර්තා වෙනවා.

දියණිය තනිව නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳ සොයා බලා ඇගේ මව අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදු කර තිබෙන අතර ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ පොලීසිය මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක තරුණයෙකු බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අලුත්ගම පොලිසිය අනාවරණය කර ගත් තොරතුරු මත සැකකාර තරුණයා හා එම සිසුවිය අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top