ගත වූ පැය විසි හතරේ වැඩිම උෂ්ණත්වය , වවුනියාවෙන්
Friday, 11 August 2023 - 11:08 | Views - 308
ගත වූ පැය විසි හතර තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.7 වවුනියාවෙන් වාර්තාවී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 12.6 නුවරඑළියෙන් වාර්තා වී ඇති බවයි.
ගතවූ පැය විසි හතර තුළ වැඩිම වර්ෂාපතනය මොණරාගල දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර, එය මිලිමීටර 63.7 ක්.
මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලට හා මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලට අද සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන මිලිමීටර 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article