සහල් ගැන බියක් එපා ! මෝල්හිමියන්ගේ හෙළිදරව්ව..
Tuesday, 08 August 2023 - 8:35 | Views - 842
ප්රමාණවත් පරිදි සහල් තොග තමන් සතුව පවතින බවත්, සහල් හිඟයක් පිළිබඳව කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙසත් මහා පරිමාණ මෝල්හිමියන් පාර්භෝගිකයින්ට දැනුම් දෙනවා.
වියළි කාලගුණයත් සමඟ ගොවිතැනට එල්ල වී ඇති බලපෑම් හමුවේ, ඉදිරියේ දී වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇතැම් පාර්ශවයන් අදහස් පළ කර තිබුණා.
කෙසේ වෙතත්, ප්රමාණවත් පරිදි සහල් තොග තමන් සතුව පවතින බවයි මහා පරිමාණ මෝල්හිමියන් සඳහන් කළේ.
මේ අතර මරදගහමුල එක්සත් සහල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් කියා සිටියේ ඉදිරි මාස 6 සඳහා ප්රමාණවත් පරිදි සහල් තොග පවතින බවයි.
Share This Article