පෙරුම්පුරාගෙන ආ සංසාරේ.. එකම විලසට දිවිය හැර ගියේ ඇයි ?
Thursday, 03 August 2023 - 13:21 | Views - 704
එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයෙන්...

තුසිත සම්පත් බංඩාර නම් 24 හැවරිදි තරුණයෙක් මේ විදිහට තමගේ ජීවිතයෙන් සමුගන තීරණය කරලා...  

ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස පැමිණ ඇති අතර ඉන් අනතුරුවයි මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි....

නිවසේ කිසිවකුත් ඒ අවස්ථාවේ රැඳී සිට නැත අතර පස්වරු 12.00 ට ආසන්න වේලාවකදී ඔහු සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.....

මොහු නිවසේ කාමරයක් තුළ දී මෙසේ දිවි නසාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.. අසල නිවසක කාන්තාවක් ඔහු දිවි නසාගෙන ඇති බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබුනා...

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමග බහින්බස් වීමක් මේකට හේතු වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ...

මෙලෙස සිය දිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනකු හා සොයුරියක ද මීට පෙර සිය දිවි නසා ගෙන ඇතැයි පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා...

ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙස මොහු සිය දිවි හානි කර ගෙන තිබුණා...

මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරකු හා සොයුරියක තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති බවත්, මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ ම තවත් සොයුරකු සිය දිවි නසා ගෙන ඇති බවත්, මෙම තරුණයා ගෙල වැලලාගත් කාමරයේම ඔහුගේ සොයුරකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලිසියට අනාවරණය වී තිබෙනවා...

ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනකුම වරින් වර සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වෙනවා... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top