ලොවම කළඹමින් දුම්රියේ තිබු අමුතුම "ලිඟු ආසනය"
Saturday, 01 April 2017 - 14:10 | Views - 2,969
මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

බොහෝ දෙනෙකු පැවසුවේ මෙය අසික්කිත එකක් බවයි.. නමුත් එම උමං දුම්රියේ ආසනයකට පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව කාවද්දා තිබුණේ එහි ගොඩවන ඇතැම් පුරුෂයන් අපහසුතාවට සහ අවමානයට ලක්කිරීමේ අරමුණින්.

නගරයේ බලධාරීන් උමං දුම්රියේ "පුරුෂයන්ට පමණක්" වෙන් වූ එම ආසනය සවිකරනු ලැබුවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන්.

"මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය," යනුවෙන් ආසනයට ඉහලින් සවිකරන ලද දැන්වීමක සටහන් වී තිබුණි.

"එහෙත් ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් දිනපතා මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වයට සාපේක්ෂව මෙය නොලසකා හැරිය හැකි තරම් වන අපහසුතාවකි."

මෙම ආසනය උමං දුම්රියේ ස්ථිරව සවි කිරීම බලධාරීන්ගේ බලාපොරොත්තුව නොවේ.

එය, පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාව මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳවදැනුවත් කිරීමේ අරමුණින් තාවකාලිකව එය සවිකරනු ලැබුවේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසිනි.

එහෙත් මෙක්සිකෝවාසීන්ගෙන් එයට පළ වූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

ගතවගිය දින දහය ඇතුලත මෙම ආසනය පිළිබඳ වීඩියෝවක් ලක්ෂ හතකට අධික පිරිසක් නරඹා තිබෙන අතර, ඇතැමුන් එම අදහසට ප්‍රසංශා කළ නමුත් "පුරුෂෝත්තමවාදී" බව සහ පුරුෂයන්ට අසාධාරණයක්වන බව පවසමින් තවත් සමහරෙක් එය දැඩි විවේචනයට ලක් කර තිබුණා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top