iPhone වලට අභියෝග කරමින් නවතම Samsung Galaxy S8 දුරකථනය හඳුන්වා දෙයි
Friday, 31 March 2017 - 11:07 | Views - 3,484
Samsung Galaxy S8 ජංගම දුරකථනය පසුගිය 29 වන දා හඳුන්වා දෙනු ලැබුවා.

මෙම ජංගම දුරකතනයේ තිරය මුළු දුරකථනය පුරාම විහිඳුණු විශේෂිත එකක් බවයි Samsung සමාගම සඳහන් කරන්නේ.

2016 වර්ෂයේ නිකුත් වූ Samsung Galaxy S7 දුරකතනයේ තිබූ දෝෂ සියල්ල නිවැරදි කොට නව උපාංග එක් කරමින් මෙය හඳුන්වා දී තිබෙනවා.

විශේෂයෙන් මෙහි ඇස හඳුනා ගැනීමේ මෘදුකාංගයක් ඇතුළත් අතර Samsung Galaxy දුරකථනවල ඇති Home Button එක මේ තුලින් ඉවත් කර ඇති බවයි එම සාමාගම පෙන්වා දෙන්නේ.

ඒ අනුව ස්පර්ශකවලට ප්‍රතිචාරදක්වන ආකාරයට මෙහි මෙනුව ක්‍රියාත්මකයි.

මෙම ජංගම දුරකථනය ශ්‍රී ලංකා මුදලින් එක්ලක්ෂ තිස් පන්දහස ඉක්මවන බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් iPhone වලට ඉදිරියේදී මෙම Samsung Galaxy S8 දුරකථනය අභියෝගයක් විය හැකි බවයි දුරකථන නිෂ්පාදකවරුන් සඳහන් කර තිබෙන්නේ.

Samsung Galaxy S8 ජංගම දුරකථනයේ ඇති සියලු පහසුකම් පහතින් නරඹන්න.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top