ලොකු බඩක් හදාගෙන කෙල්ලන්ගේ හිත ගන්න ලේ බොන අමුතු මිනිස්සු
Thursday, 30 March 2017 - 17:11 | Views - 24,793
ලොකු බඩක් තියන මහත ශරීරයක් කියන්නේ අපි කවුරුත් අකමැතිම දෙයක් නේ.

හැබැයි මේ කියන්න යන කතාව නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
කාන්තාවන් ආකර්ෂණය කරගන්න ලොකු බඩක් හදාගන්න වෙහෙසෙන පිරිසක් ගැන.

ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ඉන්න ගෝත්‍රිකයෝ පිරිසක් තමයි මේ විදියට ලොකු බඩක් හදාගන්න උත්සහකරන්නේ.
සෑම වසරකම පවත්වන,
මේ ගෝත්‍රයට අයත් අවිවාහක පිරිමි අතරින් වඩාත්ම තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තමන් වෙන්න තමයි මේ කට්ටිය මේවිදියට වෙහෙසෙන්නේ.

ඒ වෙනුවෙන් මොවුන් මාස 6ක කාලයක් ගවයන්ගේ ලේ සහ එළකිරි පානය කරනවා.

හැබැයි ලේ ගන්න මේ අය ගවයව ඝාතනය කරන්නෙ නම් නෑ.
පුංචි සිදුරක් විදලා ගවයගේ ශරීරයෙන් ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා.

මේ මාස හය යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම එළකිරි සහ ලේ ඔවුන්ට ගෙනත් දෙනවා.හැබැයි මේ කාලය ඇතුළත කිසිම විදියකින් ලිංගික සම්බන්ධතා පවත්වන එකනම් ඔවුන්ට තහනම් දෙයක්.

මේ තරඟයෙන් කිසිම තෑග්ගක් ලැබුනෙ නැතත් ජයග්‍රහණය කරන කෙනාට කාන්තාවන්ගේ ආකර්ශණය වගේම විශාල ගෞරවයක් හිමි වෙනවලු.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top