නොදන්නා දේත් දන්නා බව කියන ස්ත්රීන්ගේ ස්වභාවය මෙන්න
Wednesday, 29 March 2017 - 15:29 | Views - 1,866
තම සැමියාට ආදරය බව බොරු වදනින් පවසමින් සමාජයෙන් ප්රශංසා ලබාගැනීමට උත්සාහ දරන ස්ත්රිය ආත්මාර්ථකාමී තැනැත්තියකි.
අහිමි දේ ගැන පසුතැවෙන ස්ත්රිය ස්ථීර අදහසකින් ජීවත් නොවෙයි. ඇයට අනාගතයක්ද නැත.
වයසට වඩා තරුණ බව හඟවන ස්ත්රිය රාගාධික වෙයි. තම සැමියාට අවංක නැත.
තම සැමියා ලවා බොහෝ දේ කරගන්නට උත්සාහ දරන ස්ත්රිය සමාජයෙන් කොන්වෙයි. අන් අයගෙන් උපකාර නොලබයි.
කරන දේ, ලැබුණු දේ, අඳින පලඳින දේ අගෞරවයට අවමානයට පත් කරන ස්ත්රිය පුහු මාන්නයෙන් ජීවත් වන නුවණ මඳ තැනැත්තියකි.
තමා කරන දෙය අන් අය කරනවාට අකැමැති ස්ත්රිය මාන්නක්කාර ස්ත්රියකි. කිසි දින සතුට හිමිකර නොගනී.
තමා අතින් වරදක් සිදුවුවද එය පිළිනොගන්නා ස්ත්රිය අන් පුරුෂයන් ඇසුරු කරයි. තම පවුල් ජීවිතයද අවුල් කරගනී.
තමාට කළ නොහැකි වුවද අනුන්ගේ අඩුපාඩු දෙස බලා අවමාන අපහාස කරන ස්ත්රිය හිස් වචන ෙදාඩවන්නියකි. නිකරුණේ කාලය කා දමයි.
කළ හැකි හෝ නොකළ හැකි දේට උත්සාහ නොගෙන බැරි බව අඟවන ස්ත්රිය කම්මැළිය. යහපත් දරුවන් නොලබයි.
නොදන්නා දේද දන්නා බව හඟවන ස්ත්රිය කපටි ස්ත්රියකි. අවස්ථාවාදී වේ.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙ
Share This Article