ඔබ කැමතිම පාට අනුව කියවෙන ඔබේ ගති ලක්ෂණ
Wednesday, 29 March 2017 - 12:30 | Views - 17,847

අපි ජීවතේ ගෙවනවිට අප කැමති අකැමති බොහෝ දේ සමග නිරන්තරයෙන් ගැටෙනවා. සමහරවිට කෑම බීම ගැන නැතිනම් ඇඳුම් පැළඳුම්, මිතුරු මිතුරියන් මේ වගේ බොහෝ දේවල් අප එදිනෙදා ජීවිතයේ දී තෝරා ගන්නවා.
නමුත් එසේ කැමැත්තක් හෝ අකැමැත්තක් යම්කිසි දේකට ඉබේම ඇතිවෙන්නේ නෑ. එයට විවිධ මානසික හේතුන් බලපානවා. ඉතින් එහෙම ඇතිවෙන කැමැත්ත හෝ අකැමැත්ත මත කෙනෙකුගේ ගති ලක්ෂණ සොයගැනීමේ හැකියාවක් තිබෙනවා.
මේ ලිපියෙන් කියවෙන්නේ ඒ විදියට අප කැමතිවන ප්රධාන වර්ණයන්ගෙන් කියවෙන ගති ලක්ෂණ පිළිබඳවයි.
නිල් පාට
නිල් පාටට කැමති පුද්ගලයන් ඉතා සන්සුන්, විශ්වාසවන්ත පුද්ගලයන් ලෙස පවසනවා. ගැඹුරු ලෙස සිතන මොවුන් තමා අවට ඉන්නා පිරිස පිලිබඳව සැලකිල්ලෙන් ඉන්නා අතර ආදරණිය පුද්ගලයෙක් වෙයි.
රතු පාට
නිර්භීත, ශක්තිමත් ගති ලක්ෂණ ඇති පිරිස රතු පැහැයට කැමැත්ත දක්වනවා. අනෙත් වර්ණ වලට වඩා රතු පාටට කැමති පුද්ගලයන් සියල්ලගේම ආකර්ෂණය ලැබීමට සමත් වෙනවා. ලිංගික ආශාවන් වැඩි පුද්ගලයන් රතු පාටට වැඩියෙන් කැමති වෙනවා.
රෝස පාට
මොවුන් ආදරණිය, මෘදු, කරුණාවන්ත සහ සංවේදී පුද්ගලයන් වෙනවා. රෝස පැහැයට කැමති පුද්ගලයන් අනිත් පිරිස සමඟ එකමුතුව කටයුතු කරන අතර බොළඳ හා ළමා ගති ලක්ෂණ පෙන්නුම් කරනවා.
කොළ පාට
ඔබ ප්රායෝගික, පක්ෂපාති, ස්ථාවර පුද්ගලයෙක් වෙනවා. කොළ පාටට කැමති පුද්ගලයන්ගේ සිතුවිලි ඉතා කරුණාවන්ත,ආදරණිය බවක් ඇති අතර ත්යාගශීලි පුද්ගලයන් වෙනවා.
සුදු පාට
සරල, සාමකාමී ගති ඇති මොවුන් ධනාත්මක පෞර්ෂයක් උසුලනවා. තනිව කාලය ගත කිරීමට කැමති මොවුන් අනිත් පුද්ගලයන්ගේ ආදරය දිනාගැනීමට සමත්වෙනවා.
කළු පාට
කළු පාටට කැමති පුද්ගලයන් ඉතා ශක්තිමත් අධිෂ්ඨාන ශීලි පිරිසක් වෙනවා. රහස්ය බාවයක් ඇති මොවුන් තමන්ගේ බලය කීර්තිය වෙනුවෙන් හඹා යනවා. අනෙකුත් පුද්ගලයන් අපහසුතාවයට ලක් කරන අතර තමන් අවට සිටින මිතුරන් පවා බියගැන්වීමට මොවුන් පෙලබෙනවා.
කහ පාට
කුතුහලයෙන් පෙලෙන මොවුන් අලුත් දේ ඉගෙනීමට කැමැත්ත දක්වනවා. කහ පාටට කැමති පුද්ගලයන් ඉතා බුද්ධිමත් වන අතර හැමවිටම සතුටින් සිටීමට කැමති වෙනවා. හොඳ ජිවිතයක් ගත කිරීමට නොදන්නා මොවුන් සැමවිටම සිනහා වෙලා සිටීමට උත්සහ කරයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article