කාන්තාවන්ට විදේශ ගතවී රැකියාවක් කිරීමට ලෝකේ ඇති හොඳම රටවල් මෙන්න
Wednesday, 29 March 2017 - 10:21 | Views - 2,378
බොහෝ කාන්තාවන් උනන්දුවක් දක්වනවා විදේශ රටක ගොස් රැකියාවක් කිරීමට.

සමීක්ෂණයක් මගින් හෙළිවී තිබෙන ආකාරයට කාන්තාවක් විදේශ ගතවී රැකියාවක් කරන්න බලාපොරොත්තුවේ නම් කාන්තාවට ගැලපෙන හොඳම රටවල් කිහිපයක් තමයි මේ. මේ සමීක්ෂණය සඳහා විවිධ රටවල බොහෝ කාන්තාවන්ගෙන් ප්‍රශ්න කර ඇත.

ඉතින් මේ වගේ බොහෝ නිදහස් හා ආරක්ෂිත රටකට ගොස් රැකියාවක් කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.

9. Norway



9 වන ස්ථානය හිමිවන්නේ නෝර්වේ රටටයි. නොර්වේ කාන්තාවන්ට රැකියා කිරීමට ගැලපෙන බවට තහවුරු වී ඇත්තේ ඒ රටේ රැකියාවන් කරන කාන්තාවන් විශාල ප්‍රමාණයක් රැකියාව කරන්නේ ඉතාමත් කැමැත්තෙන් බව හෙළිවීම නිසයි.


8. New Zealand



8 වන ස්ථානය හිමිවන්නේ නවසීලන්තයටයි. නවසීලන්තය බොහෝ සාමකාමී රටක්වන අතර තමන්ට නිදහසේ රැකියාව හැකි රටක් තමයි මේ. බොහෝ කාන්තාවන් ප්‍රමාණයක් පවසා තිබෙන්නේ ඒ රටේ හැමදාම වූවද රැකියාව කිරීමට කැමති බවයි.


7. Ecuador



ඉක්වදෝරයට මේ සමීක්ෂණයේ දී හිමිවෙලා තියෙන්නේ 7 වන ස්ථානයයි. මේ රටේදීත් කාන්තාවන් 80% වඩා ප්‍රමාණයක් තමන්ගේ රැකියාව කරන්නේ ඉතාම කැමැත්තෙන්.


6. Australia



6 වන ස්ථානය හිමිවන ඕස්ට්‍රේලියාව කියන්නෙත් කාන්තාවන්ට ඉතාමත් නිදහසේ හා ආරාක්ෂාකාරීව රැකියාව කරන්න පුළුවන් සුන්දර රටක්.


5. Bahrain



70% ඉක්මවා කාන්තාවන් ඉතාම කැමැත්තෙන් රැකියාව කරන රටක් තමයි බහරේන් කියන්නේ. සමීක්ෂණයේ දී මේ රටට හිමිවෙලා තියෙන්නේ 5 වන ස්ථානයයි.


4. Hungary



4 වන ස්ථානය හිමිවන්නේ හංගේරියාවටයි. මේ රටේත් බොහෝ කාන්තාවන් ප්‍රමාණයක් තම රැකියාව කරන්නේ ඉතාම කැමැත්තෙන් බවයි සමීක්ෂණයේ දී හෙළි වෙලා තිබෙන්නේ.


3. Germany



90% ට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ඉතාමත් කැමැත්තෙන් රැකියාව කරන ජර්මනිය 3 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.


2. Taiwan



තායිවානය කියන්නෙත් ඉතා සුන්දර රටක්. කාන්තාවන්ට රැකියාවක් කිරීමට වඩාත් නිදහස් පරිසරයක් ඇති මේ රට සමීක්ෂණයෙන් 2 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.


1. Luxembourg



ප්‍රථම ස්ථානය දිනාගත් ලක්සම්බර්ග් යූරෝපයට අයිති රටක්. 85%කට වඩා කාන්තාවන් පවසා තිබෙන්නේ ගොඩක් ආරක්ෂිත ලෙස හා ඉතාම කැමැත්තෙන් ඔවුන්ගේ රැකියාව කරන බවයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top