පළමුවරට මෙරට දෛනික ආසාදිතයින් 4,000 ඉක්මවයි
Monday, 23 August 2021 - 11:26 | Views - 10,932
පළමු වරට දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ හාරදහසේ සීමාව ඉක්මවා ගියා.

ඊයේ අලුතින් ආසාදිතයින් හාරදහස් දෙසිය අසූ දෙදෙනෙකු සොයාගැනුණු අතර, ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 390,000ක් ලෙස යි.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 183ක් පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඉන් 107 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, 76 දෙනෙකු කාන්තාවන්.

මෙම 183 දෙනාගෙන් 136 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වනවා.

45 දෙනෙකු 30ත් 59ත් අතර වයසේ පසුවන්නන් වන අතර, වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙකු ද මෙම පිරිස අතර සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර කොරෝනා රෝගය සම්බන්ධයෙන් දත්ත වෙනස්වීම වෛරස තත්ත්වය පාලනය කිරීමට අහිතකර අයුරින් බලපාන බව දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක කියා සිටියා.

ඒ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක් වූ එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ දත්ත ගැටලුව මේ වනතෙක් විසඳී නොමැති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top