මාළිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා සුවිශේෂී වූ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
දුරකතන අංක 070 5 211 211 අමතා මෙම ඒකකය හා සම්බන්ධ විය හැකියි.
වකුගඩු රෝගියෙකුට රෝහල් ගතවීම සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, ඖෂධ නිවසට ගෙන්වා ගැනීම සහ දුරකතන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සූදානම් කර තිබෙනවා.
මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ඖෂධ වර්ග, අක්ෂි කාච, වෛද්‍ය උපකරණ වර්ග රැසකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ඖෂධ වර්ග 60ක්, අක්ෂි කාච වර්ග 38ක් සහ වෛද්‍ය උපකරණ 04ක මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
පැරසිටමෝල්, ඇමොක්සිලින්, ඇස්ප්‍රීන්, මොට්පොමින්, ඉන්සියුලින් වැනි ඖෂධ ද මේ අතර වනවා.
ගැසට් නිවේදනය මෙතැනින්..