මෙරට කොරෝනා මරණ සහ දෛනික ආසාදිතයින් වාර්තා වීම යළිත් වාර්තාගත අගයකට පැමිණ තිබෙනවා.
ඊයේ (20) මෙරටින් නව මරණ 195ක් වාර්තා වූ අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 3839ක් ලෙසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද ඊයේ (20) නිකුත් කෙරුණු වාර්තාවට අනුව මෙරට නව මරණ 195ක් සමඟ සමස්තය 6985 දක්වා ඉහළ ගියා.
මිය ගිය පිරිසගෙන් 151ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 30ත්, 59ත් අතර පුද්ගලයින් 43 දෙනෙකු කොරෝනා ආසාදිත ව මිය ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, මෙරටින් ඊයේ (20) ආසාදිතයින් 3839 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 377,004ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයින්ගෙන් 3835 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට 04 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනුණා.