මහ නා හිමිවරුන්ගේ ඉල්ලීම ජනපති ඉටුකරන බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි
Friday, 20 August 2021 - 14:23 | Views - 1,585
පවතින කොරෝනා තත්වය මත රට වසන ලෙස අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් කළ ඉල්ලීම අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිවරයා සාධනීයව භාරගත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවයි.
ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීම පැවැත්වුණා.
Share This Article