ජනපති ජාතිය ඇමතීමට සූදානමින්
Friday, 20 August 2021 - 9:12 | Views - 8,374
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කළා.

ජාතික පුවත්පත් කිහිපයක් ජනාධිපතිවරයා අද (20) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බවට පළ කර තිබූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.

රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත් රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිළිබඳවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් රට හමුවේ කරුණු පැහැදිළි කරනු ඇති බව ජාතික පුවත්පත් වාර්තාවල දැක්වුණා.

මේ අතර ජනාධිපතිවරයා හෙට මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බවද එම වාර්තාවල සඳහන් වුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව මාධ්‍ය මඟින් දැනුම්දීමට කටයුතු කරන බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top