ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කළා.
ජාතික පුවත්පත් කිහිපයක් ජනාධිපතිවරයා අද (20) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බවට පළ කර තිබූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.
රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත් රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිළිබඳවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් රට හමුවේ කරුණු පැහැදිළි කරනු ඇති බව ජාතික පුවත්පත් වාර්තාවල දැක්වුණා.
මේ අතර ජනාධිපතිවරයා හෙට මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බවද එම වාර්තාවල සඳහන් වුණා.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව මාධ්‍ය මඟින් දැනුම්දීමට කටයුතු කරන බවයි.