කොළඹ ආසාදිතයින්ගෙන් 90% ක්ම ඩෙල්ටා
Wednesday, 18 August 2021 - 17:21 | Views - 957
කොළඹ නගරයෙන් හඳුනා ගැනෙන නව කොරෝනා ආසාදිතයින් ගෙන් 90%ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

2019 දෙසැම්බරයේදී චීනයේ වුහාන් නගරයෙන් සොයා ගත් මුල් කොරෝනා වෛරසයට වඩා සියයට සියයක සම්ප්‍රේෂණය හැකියාවක් ඇති නව ඩෙල්ටා ප්‍රභේදය මුහුණු ආවරණ පැළඳ නොමැති කෙනෙකුට ආසාදනය වීමට තත්පර පහක් ප්‍රමාණවත් බවත්, පැය කිහිපයක් ඇතුළත ආසාදිත පුද්ගලයාට එය තම මුළු පවුලට ලබා දිය හැකි බවත් වෛද්‍ය ‍ජිවන්දර කියා සිටිනවා.

මේ නිසා සමාජ දුරස්ථභාවය, අත් සේදීම වැනි කොවිඩ් -19 මාර්ගෝපදේශ තදින් අනුගමනය කළ යුතු බවටයි ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර අවධාරණය කරන්නේ.

මේ වනවිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුන හැරුනු විට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, මහනුවර, අම්පාර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් මේ දක්වා ඩෙල්ටා ආසාදිතයන් හමුවී තිබෙනවා.

කෙසේ වෙතත් අධි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය තවමත් බස්නාහිර පළාතෙන් පිටත වසංගත මට්ටමෙන් තවමත් ව්‍යාප්ත වී නොමැති බවයි ආචාර්ය
ජීවන්දර අවධාරණය කරන්නේ.

ඔහු පවසන්නේ තවමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හමු වන්නේ එතරම් භයානක නොවන සහ අඩු සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඇල්ෆා ආසාදිතයින් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100 කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීම සඳහා වහ වහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී ඉතාම ඉහල මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානමක් ඇති බවයි ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top