සෑම අමාත්‍යාංශයකට ම කොවිඩ් මර්දන කමිටු - දුම්රිය ස්ථාන 9ක් වසා දැමේ
Wednesday, 18 August 2021 - 10:39 | Views - 898
කොරෝනා වසංගත තත්ත්වය තුළ අමාත්‍යාංශ මට්ටමින් සෑම අමාත්‍යාංශයක් ම ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කරනු ලැබුවා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේයි.

ඒ අනුව සෑම අමාත්‍යාංශයක ම කොවිඩ් මර්දන කමිටු පිහිටුවීමට මෙහි දී යෝජනා වී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ සඳහා එක් ප්‍රධාන නිලධාරියෙකු යටතේ ආයතනික මට්ටමින් කමිටුවක් පිහිටුවීමට ද යෝජනා වී තිබෙනවා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ නිරත පුද්ගලයින් සඳහා තුන්වන කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳ ව රජය අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් දුම්රිය ස්ථාන 9ක් ද මේ වනවිට වසා දමා තිබෙනවා.

ඉඳුරුව, රත්ගම, විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන සහ උතුරු කළුතර ඇතුළු තවත් දුම්රිය ස්ථාන දෙකක් මෙලෙස වසා දමා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 350කට වැඩි පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති අතර, මරණ දෙකක් ද සිදු ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top