නීති කැඩූ 277ක් අත්අඩංගුවට
Tuesday, 17 August 2021 - 10:09 | Views - 501
ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,889ක්. එසේම බස්නාහිර පළාතෙන් පිටවන වාහන 838ක් සහ බස්නාහිරට ඇතුළු වීමට උත්සහ කළ වාහන 946ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. එසේම නියමිත අවසර නොමැතිවීම හේතුවෙන් මාර්ග බාධකවල දී වාහන 330ක් සහ පුද්ගලයින් 635ක් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.
Share This Article