ගර්භනී මව්වරුන්ට එන්නත් ලබා ගැනීමට වෙනම මධ්‍යස්ථානයක් - පවුල් සෞඛ්‍ය සංගමය ඉල්ලයි
Tuesday, 17 August 2021 - 9:56 | Views - 1,198
ගර්භනී මව්වරුන්ට එන්නත් ලබා ගැනීම සඳහා වෙනමම එන්නත්කරණ මධ්‍යස්ථාන ආරම්භ කළ යුතු බව පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපතිනී දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළේ මේ වන විට පවතින එන්නත්කරණ මධ්‍යස්ථානවලට ගර්භනී මව්වරුන් පැමිණීම හරහා ඔවුන්ට වෛරසය ආසාදනය වීමට ද ඉඩ පවතින බවයි.
ගර්භනී මව්වරුන් මෙන්ම කිරිදෙන මව්වරුන් ද කඩිනමින් එන්නත් ලබා ගත යුතු බවයි පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ.
මේ අතර ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කියා සිටියේ ස්පුට්නික් වී එන්නත හැර සෙසු එන්නත් ගර්භනී මව්වරුන් සඳහා ලබාදීමට මේ වන විටත් අනුමැතිය හිමිව ඇති බවයි.
Share This Article