තමාව නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ අද දිවුරුම් දීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
කොරෝනා වසංගතය හසුරුවමින් මේ දක්වා සිදුකළ විශිෂ්ඨ කාර්ය පිළිබඳව ඔහු හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට එමඟින් ස්තූතිය ද පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා සියලු පුරවැසියන්ගේ සාමූහික සමාජ වගකීම අවශ්‍ය බවයි නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වාදී ඇත්තේ.