ඇමති ධූර හතක වෙනස්කම් (Video)
Monday, 16 August 2021 - 12:25 | Views - 2,150
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැති මණ්ඩලයේ අමාත්‍යධුර 07ක වෙනස්කම් සිදු කරනු ලැබුවා.

ඒ පහත දැක්වෙන අයුරින්

මහාචාර්ය ජී එල් පීරිස් විදේශ අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය,ගාමිණී ලොකුගේ විදුලිබල අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍ය, සහ නාමල් රාජපක්ෂ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ අමාත්‍ය වශයෙන් මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා.

up date..

තව සුළු වේලාවකින් ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ඇමතිධූර හතක වෙනස්කම් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.


මීට පෙර අධ්‍යාපන, විදුලිබල, ජනමාධ්‍ය හා විදේශ කටයුතු යන අමාත්‍යධුරයන්හි වෙනස්කම් සිදු කෙරෙන බවට වාර්තා වුණා.

කෙසේ වෙතත් අද පෙරවරු 11 ට සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී තවත් අමාත්‍යංශ තුනක ඇමති තනතුරු මාරුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව අද සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී අමාත්‍ය ධූර හතක වෙනස්කම් සිදුවිය හැකි බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුර සංශෝධනයට ලක් කිරීමට තීරණය වී ඇති බවයි වාර්ථා වන්නේ.

මීට අමතරව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ දරණ කැබිනට් අමාත්‍ය ධූරයත් සංශෝධනයට ලක් කිරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.


No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top