පළාත් සීමා පනින අලුත් ක්‍රමය
Monday, 16 August 2021 - 10:38 | Views - 4,871
රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ අරමුණෙන් දැඩි කර ඇති සංචරණ නීතිරීති ඉතා තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව රටේ පළාත් සීමා මායිම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මුර කපොලු ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ද ඇති ව ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ අතර පළාත් මායිම් සීමා අසලට ම බස් රථවලින් පැමිණ පා ගමනින් සීමා පැන අනෙක් සීමාවේදී වෙනත් බස්රථවලට ගොඩ වී සීමා මායිම් නීතිය උල්ලංඝණය කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ආකාරයට සීමා මායිම් නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top