රෝග ව්‍යාප්තිය පාලනය ලොක්ඩවුන් කිරීම්, ඇඳිරි නීතිය පැනවීම් තුළින් සාර්ථකව කරන්න බැහැ
Monday, 16 August 2021 - 10:23 | Views - 12,613
කොරෝනාව පිළිබඳ පුරෝකථන ඇත්ත හෝ බොරු කිරීමේ වගකීම් ඇත්තේ ජනතාව මත බව විිශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ අදහස් පළ කළේ ඊයේ හිරු ටීවී සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ වසංගත තත්ත්වයන් පිලිබඳ පුරෝකථනයන් සිදු කරනුයේ නියමිත ක්‍රමවේදයකට අනුව බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරෙන, සිදුවන සිද්ධිදාමයන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර විශ්ලේෂකයින් එම තීන්දු තීරණවලට එළඹෙන බවත් මෙම පුරෝකථනයන් සනාථ කිරීම හෝ එසේ නොකිරීමේ වගකීම සහමුලින්ම පැවරී ඇත්තේ ජනතාවට බවත් ඔහු පවසනවා.

නියමිත සෞඛ්‍ය ක්‍රමෝපායන් අනුගමනය නොකරමින් වගකීම් විරහිත ලෙස හැසිරුණහොත් බොහෝවිට මෙම ජාත්‍යන්තර පුරෝකථනයන් අනාගතයේ යම් දිනක අමිහිරි සත්‍යක් බවට පත්වීමට ඉඩ ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් කිරීම්, ඇඳිරි නීතිය පැනවීම් හෝ සංචරණ සීමා පැන්වීම් තුළින් සාර්ථකව සිදුකළ නොහැකි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම රෝග ව්‍යාප්තියට ඇති හොඳම සහ එකම විසඳුම අනවශ්‍ය ගමන් බිමන්, සාද සම්භාෂණ, සුහද හමු ආදී අනවශ්‍යය ඒකරාශීවීම් සහමුලින්ම නවතා දැමීම බවයි.

මේ වන විට රට කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ අතිශය තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇති බවත් ජනතාව මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා

යම් ලෙසකින් තමන්ට කෝවිඩ් රෝගය වැලඳුණහොත් එය පවුලේ අනෙක් අයට, හිතවතුන්ට, බෝ නොවන ලෙස ක්‍රියා කිරීම රෝගය වැළඳුණු කෙනාගේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම,
" වසංගත වේදය අනුව කොහොමත් වාර්තා වෙන රෝගීන්ට වඩා මේ වෙද්දී තුන් ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්. මොකද පරීක්ෂණ කරන විදිහට තමයි පොසිටිව් (positive) අය වාර්තා වෙන්නේ. ඒ වගේම තව රෝග ලක්ෂණ නැති අය වගේම පරික්ෂා නොකරන අයත් ඉන්න පුළුවන්. ඩෙල්ටා ප්‍රභේදය හමුවීමත් සමඟ මෙම රෝගය ව්‍යාප්ත වන වේගය අතිශයින් වැඩි වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය අපට දිනපතා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමයි. ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන බරපතලම කාරණය තමයි මෙම රෝග ලක්ෂණ තිබෙන අයට ඇතිවන සංකූලතා වැඩියි. බොහෝ අයට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවනවා. මේ අයට ඔක්සිජන් දෙන්න වෙනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. කිසිම අවස්ථාවක නිවසේ සිටියදී කැස්සත් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් ගෙදරට වී ඉන්න එපා. කල් මරලා අවසාන මොහොතේ රෝහලට ආවට පස්සේ අපට ප්‍රතිකාර කරන්න අමාරුයි. බොහෝ වෙලාවට අපට එවැනි පුද්ගලයින් බේරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා කැස්ස සමඟ හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙනවා නම් ඉක්මනින්ම රෝහලට පැමිණීම තමයි කරන්න තියෙන හොඳම දේ.

මෙම රෝගය අතිශය භයානක මට්ටමින් දිවයින පුරා පැතිර යාම හේතුවෙන් තව නොබෝ දිනකින් සෞඛ්‍ය අංශවලටත් එය දරාගත නොහැකි මට්ටමකට පැමිණෙනු ඇති බවට විශේෂඥ වෛද්‍යවරයා අනතුරු අඟවනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top