ආනයනික හාල්මැස්සන් හෝ කරවල මත නව බදු වැඩි කිරීමක් සිදු කර නෑ. - ධීවර රාජ්‍ය ඇමති කියයි
Saturday, 14 August 2021 - 13:28 | Views - 1,444
ආනයනික හාල්මැස්සන් හෝ කරවල මත නව බදු වැඩි කිරීමක් සිදු කර නෑ ධීවර රාජ්‍ය ඇමති කියයි
ඊයේ දිනයේ සිට හාල්මැස්සන් හෝ කරවල මත ගැසට් පත්‍රයක් මඟින් නව බදු පැනවීමක් සිදු කරන නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ඊයේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන්නට යෙදුණු ගැසට් පත්‍රයේ සඳහන් ව ඇත්තේ ආනයනික හාල් මැස්සන් සහ කරවල සඳහා මීට මාස හයකට පමණ පෙර වැඩි කරන ලද බදු ප්‍රමාණය ම බවයි.

එය තවදුරටත් අඛණ්ඩව ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වා ගැනීම පමණක් මෙම ගැසට් පත්‍රය හරහා සිදුකරන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව මීට මාස 6කට පෙර ආනයනික මත්ස්‍ය තොග මත පැනවූ බද්ද කිලෝවකට රුපියල් 25 සිට රුපියල් 200ක් ලෙසත්, ආනයනික කරවල සහ හාල්මැස්සන් සඳහා කිලෝවකට බද්ද රුපියල් 100ක් ලෙසත්, ආනයනික ටින් මාළු කිලෝ එකක් සඳහා රුපියල් 100ක බද්දක් (450g ටින් එකක් 42.50ක්) සහ ආනයනික උම්බලකඩ කිලෝවක් සඳහා රුපියල් 300ක් ලෙසත් බදු වැඩි කිරීමටත් තීරනය කෙරුනා.

මිට අදාළ නිවේදනය පහතින් ......

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top