ආනයනික හාල්මැස්සන් හෝ කරවල මත නව බදු වැඩි කිරීමක් සිදු කර නෑ. - ධීවර රාජ්‍ය ඇමති කියයි
ආනයනික හාල්මැස්සන් හෝ කරවල මත නව බදු වැඩි කිරීමක් සිදු කර නෑ ධීවර රාජ්‍ය ඇමති කියයි
ඊයේ දිනයේ සිට හාල්මැස්සන් හෝ කරවල මත ගැසට් පත්‍රයක් මඟින් නව බදු පැනවීමක් සිදු කරන නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ඊයේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන්නට යෙදුණු ගැසට් පත්‍රයේ සඳහන් ව ඇත්තේ ආනයනික හාල් මැස්සන් සහ කරවල සඳහා මීට මාස හයකට පමණ පෙර වැඩි කරන ලද බදු ප්‍රමාණය ම බවයි.
එය තවදුරටත් අඛණ්ඩව ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වා ගැනීම පමණක් මෙම ගැසට් පත්‍රය හරහා සිදුකරන බවත් අදාළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව මීට මාස 6කට පෙර ආනයනික මත්ස්‍ය තොග මත පැනවූ බද්ද කිලෝවකට රුපියල් 25 සිට රුපියල් 200ක් ලෙසත්, ආනයනික කරවල සහ හාල්මැස්සන් සඳහා කිලෝවකට බද්ද රුපියල් 100ක් ලෙසත්, ආනයනික ටින් මාළු කිලෝ එකක් සඳහා රුපියල් 100ක බද්දක් (450g ටින් එකක් 42.50ක්) සහ ආනයනික උම්බලකඩ කිලෝවක් සඳහා රුපියල් 300ක් ලෙසත් බදු වැඩි කිරීමටත් තීරනය කෙරුනා.
මිට අදාළ නිවේදනය පහතින් ......