ළමා නඩු කඩිනම් කෙරේ
Saturday, 14 August 2021 - 10:03 | Views - 44,185
ළමා නඩු කටයුතු අවසන් වීමට දීර්ඝ කාලයක් ගත වීමේ ගැටලුව අවම කිරීම සඳහා වන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කරමින් අධිකරණ සේවා කොමිසන් සභාව සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙත චක්ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ ඉල්ලීමකට අනුවයි.
එමෙන්ම රියදුරු බලපත්ර ලබා ගැනීමේ අවම වයස් සීමාව වයස අවුරුදු 17 සිට අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.
Share This Article