තවත් කොරෝනා මරණ 155 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 5,775 දක්වා ඉහළ ගියා. එමෙන්ම සියය ඉක්මවා කොරෝනා මරණ වාර්තා වුයේ අඛණ්ඩව 5 වන දිනටයි. මේ අතර තවත් නව ආසාදිතයින් 3,142 දෙනෙකු ද ඊයේ වාර්තා වුණා. ඉන් දස දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අයයි.
ඊයේ වාර්තා වූ කොරෝනා මරණවලින් 111ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් 41 දෙනෙකු ද ඊයේ වාර්තා වූ මරණ අතර වන බවයි.
තවත් ආසාදිතයින් 3,142 දෙදෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 348,270 ක් ලෙසට යි. එසේම කොරෝනා ආසාදිතයින් 2,173 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව දැක්වෙන්නේ 304,628 ක් ලෙසටයි.
මේ අතර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 51%ක්, ගම්පහ 48% ක් හා කලුතර දිස්ත්‍රික්කයේ 55%ක් මේ වන විට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක කියා සිටියේ හතිය පවතින රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුවීම වැදගත් වන බවයි. ඔක්සිමීටර භාවිතය පිළිබඳව ද ඔහු පැහැදිලි කිරීමක් කළා.
මේ අතර කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය අනිද්දා සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.