අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් සංචරණයට දැඩි සීමා - පොදු ප්‍රවාහනයත් නවතී (Video)
Friday, 13 August 2021 - 16:51 | Views - 10,381
අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර පොදු ප්‍රවාහනය මුළුමනින්ම නතර කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු සඳහන් කළේ සැප්තැම්බර් 15 වැනිදායින් පසු මහජනතාවට එන්නත්කරණ කාඩ්පත නොමැතිව පොදු ස්ථානවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.

මීට අමතරව, දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා අවධාරණය කළා.

පළාත් අතර ගමන් කිරීමට අවසර හිමියන්නේ සෞඛ්‍ය, වරාය, ගුවන්තොටුපල ඇතුලු අත්‍යවශ්‍ය සේවාවල සහ කෘෂි කර්මාන්ත සේවාවන්වල නිරතවන මෙන්ම ආයෝජන මණ්ඩලය විසින් අනුමත ඇඟලුම් කම්හල්වල රැකියාවල නිරත පිරිස්වලට පමණයි.

රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරෙනවා.

පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්ය මණ්ඩලය සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය ද සැලකිල්ලට ගනිමින්.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සහතිකයක් නොමැතිව පොදු ස්ථානවලට පිවිසීමට සැප්තැම්බර් මස 15 වනදාට පසු කිසිවෙකුටත් අවසර නොලැබෙන බවයි හමුදාපතිවරයා අවධාරණය කළේ.





 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top