පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ
Friday, 13 August 2021 - 16:42 | Views - 39,613
පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.ඒ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුවීම සහ ආශ්‍රිතයන් වීම හේතුවෙන්.මෙම තත්වය හමුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සීමා කිරීමට සිදුව ඇති බැවින් ලබන සඳුදා (16) සිට ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙන තෙක් මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

තවද ,සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳුදා (16) සිට තාවකාලික ව වසා දැමෙනු ඇති.
Share This Article