ජනවාරි වන විට කෝවිඩ් මරණ 18,000ක් විශේෂඥ වාර්තාවකින් හෙළි වෙයි
Friday, 13 August 2021 - 10:51 | Views - 1,462

මේ වන විට රට තුළ කොවිඩ් -19 වෛරසය පැතිර යන වේගය අනුව එය පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ රජය සාධනීය පියවරක් නොගතහොත් තවත් මාස 5ක් ඇතුළත මෙරට ජනතාව දහඅට දහසක් මෙම වෛරසයට ගොදුරු වී මිය යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයය අනතුරු අඟවනවා.ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ මෙරට වෛද්‍ය විශේෂඥයින් තිස් දෙනකු සමග එක්ව සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි.මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබෙනවා.මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මෙම වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ප්‍රමුඛතම නිර්දේශය වන්නේ තදබල සංචරණ සීමා පැන්වීමයි.පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැන්විය යුතු බවට මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.එමෙන්ම කෙටි කාලයක් සඳහා හෝ ඇඳිරිනීතිය පැනවීමත්, සියලුම මහජන ඒකරාශී වීම් සහමුලින්ම නවතා දැමීමත්, අවම තරමෙන් රට සති තුන කොට හෝ වසා දැමීමත්, සෞඛ්‍ය අමාත්‍යංශයට භාර කෙරුණු විශේෂඥ වාර්තා වේ ඇති නිර්දේශ අතර ප්රමුඛයි.එමෙන්ම සෞඛ්‍ය අංශ සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමත්, මහජනතාව වඩාත් විධිමත් ක්‍රමවේදයන් හරහා දැනුවත් කිරීමත් සිදු කළ යුතු බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.එමෙන්ම මෙම විශේෂඥයින් අවධාරණය කරන්නේ කොවිඩ් 19 වෛරසයට ගොදුරුව මිය යන පුද්ගලයින් පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන සමාජයට ඉදිරිපත් කළ යුතු බවයි.ඒ හරහා මෙම රෝගයේ ඇති බරපතළකම පිළිබඳ සමාජයට හොඳින් ප්‍රේරණය කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව මෙම විශේෂඥ වාර්තාව සැකසීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වන පාලිත අභයකෝන්, නිහාල් අබේසිංහ, රජීව් ද සිල්වා, ලක්මාලී ප්‍රනාන්දු, පද්මා ගුණරත්න සහ ආනන්ද විජේවික්‍රම එක්වී තිබෙනවා.මීට අමතරව මහාචාර්යවරුන් වන අසිත ද සිල්වා, රජීව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනී මෙන්ඩිස්, මලික් පීරිස් සහ මංජු විජේසිංහ යන සෞඛ්‍ය විශේෂඥයින් ද මෙම වාර්තාව සැකසීමට එක්වී තිබෙනවා.මීට අදාළ නිවේදනය පහතින් .......





Share This Article