කොවිඩ් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කරමින් මිල නියාමන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන ආයතන හරහා සිදුකෙරෙන PCR පරීක්ෂණය සඳහා නියම කර ඇති උපරිම මිල 6,500ක් වන අතර රැපිඩ් අන්ටිජන් පරීක්ෂාව සඳහා නියම කර ඇති උපරිම මිල රුපියල් 2000ක්.
මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරන අවස්තාවන්හිදී මහජනතාවට ඒ සම්බන්ධයෙන් 1977 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම ගැසට් නිවේදනය පහතින්.
