තෙල් සංස්ථාව ගෑස් අලෙවියට සැරසේ
Thursday, 12 August 2021 - 15:59 | Views - 15,537
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ ව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා එල්.පී.ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට මෙරට එල්.පී.ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, එම නිෂ්පාදන ලිට්රෝ හා ලාෆ් සමාගම්වලට ලබා දෙන බවයි.

ලංකා ඉතිහාසයේ දැවැන්ත ම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීමට මේ වනවිට මූලික කටයුතු ආරම්භ කර ඇති බව ද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් පසු දේශීය ගෑස් අවශ්‍යතාවෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවනු ඇති.

ඒ අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොලට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇති බව ද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top