ලාෆ් ගෑස් මිල ඉහල ගියද ලිට්රෝ ගෑස් එම මිලටම
Thursday, 12 August 2021 - 11:47 | Views - 1,901
ලිට්රෝ සමාගම දැනට පවතින මිලටම ගෑස් අලෙවි කරන බව, රාජ්ය ඇමති ලසන්ත අලගියවන්න පවසනවා.
ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,856ක්.
එමෙන්ම, එම වර්ගයේ කිලෝ ග්රෑම් 05ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ යන අතර, එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක්.
Share This Article