සියය ඉක්මවූ මරණ අඛණ්ඩ ව තුන්වන දිනටත්
Thursday, 12 August 2021 - 11:02 | Views - 1,561
මෙරට දිනක දී සිදු වූ වැඩි ම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ තවත් කොරෝනා මරණ 124ක් වාර්තා වීමත් සමඟ යි.

එලෙස සියය ඉක්මවා කොරෝනා මරණ වාර්තා වූයේ අඛණ්ඩ ව තුන් වන දිනට යි.

මේ අතර තවත් නව ආසාදිතයින් 2987ක් ඊයේ වාර්තා වුණා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණවලින් 95ක් ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් ද ඊයේ වාර්තා වූ අතර, සෙසු මරණ වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 30ත් 59 ත් අතර පුද්ගලයින්ගෙන්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,464ක් ලෙසින්.

තවත් ආසාදිතයින් 2987ක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 342,079ක් වනවා.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් අතරින් විදේශ ගත ව පැමිණි පිරිස 97ක්.

එසේ ම කොරෝනා ආසාදිතයින් 2,244 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිට ව ගිය අතර ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඉක්මවමින් වාර්තා වුණේ 300,406ක් ලෙසට යි.

මේ අතර බස්නාහිර පළාතේ ජීවත් වන විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් වෙත එන්නත් ලබාදීම සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් අද ආරම්භ වනවා.

ඒ යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන්.

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් සමඟින් විශේෂ ජංගම රථ 10ක් ඊට සූදානම් කර ඇති බවට යි යුද හමුදාව ප්‍රකාශ කළේ. එන්නත් ලබා ගැනීමට අවශ්‍ය ජනතාව 0112 860 002 හෝ 1906 දුරකතන අංක ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය යුතු යි.

එසේ ම කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණවල මිල ගණන් නියාමනය කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ කියා සිටියා.

ඒ අනුව, පෞද්ගලික රෝහල්වලින් සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා අය කර ගත හැකි උපරිම මිල රුපියල් 6500ක් වන අතර, ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මිල රුපියල් 2000ක් බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

එසේ ම මෙරට ජන ගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි සියයට 95කට කුමන හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවත් ඇය කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95කට, පාර්ලිමේන්තු සේවකයන්ගෙන් සියයට 98කට, ආරක්ෂක නිලධාරීන්ගෙන් සියයට 99කට හා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් සියයට 98ක ප්‍රතිශතයකටත් මේ වන විට එන්නත් ලබා දී ඇති බවට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.

එසේ ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ 'මෙත්සිරි සෙවණ' කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පලා යාමට දැරූ උත්සහයක දී ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවක් ද වාර්තා වුණා.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ලබන 31 වනදා දක්වා අත්හිටුවීමට පියවර ගැනෙනවා.

බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක පැවසුවේ මෙම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේ දී ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා දඩ මුදල් අය නො කරන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top