14 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් - පොලීසියෙන් විමර්ශන
Thursday, 12 August 2021 - 9:15 | Views - 599
රත්නපුර - ඇල්ලෙගෙදර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තම දියණිය අතුරුදන් ව ඇති බවට ඇගේ මව්පියන් විසින් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කල බවයි.

අදාළ දැරිය පසුගිය 2 වනදා ලිපියක් ලියා නිවසින් පිටත් ව ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

තමාට පෙම්වතුන් සිටින බවට විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළ ද තමාට එවැනි සබඳතාවයක් නො මැති බවත්, විවිධ පුද්ගලයන් පවසන එම ප්‍රකාශ තුළින් තමා කළකිරීමට පත් ව ඇති බවත් එම ලිපියේ සඳහන්.

එමෙන්ම ඇය ව සම්බන්ධ කර ගන්නා ලෙස දුරකතන අංකයක් ද  අදාළ දැරිය විසින් එම ලිපියේ සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, නිවසින් පිටත් ව ගිය දැරිය ඉන් පසු වෙනත් දුරකතන අංකයක් ඔස්සේ අමතා තමා ව බේරාගන්නා ලෙස ඇයගේ මව්පියන්ට දැනුම් දී ඇති අතර, කෙසේ වෙතත් එම සියලු දුරකතන අංක මේ වන විට ක්‍රියා විරහිත බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, මේ වන විට දැරිය ලිපියේ සටහන් කළ අංකයේ සහ ඇය පසු ව ඇමතුම ලබා දුන් අංකයේ දුරකතන සංඥා වාර්තා ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

අදාළ දැරියගේ පෙර පෙම්වතා බවට ප්‍රකාශ කෙරුණු කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව අදාළ සිසුවියගේ අතුරුදන් වීමට එම තරුණයාගේ සම්බන්ධයක් නො මැති බවට තහවුරු වී ඇති බවයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ රත්නපුර - ඇල්ලෙගෙදර ප්‍රදේශයේ පදිංචි, රත්නපුර බටුහේන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top