කොරෝනා අවදානම නිසා හදිසියේ වසා දැමුණු නගරය
Tuesday, 10 August 2021 - 16:04 | Views - 24,459
බුත්තල, ඔක්කම්පිටිය නගරයේ ඇති සියලු ම වෙළඳසැල් අද (10) පස්වරු හයේ සිට තාවකාලික ව වසා තැබීමට ඔක්කම්පිටිය නගරයේ වෙළඳසැල් හිමියන් විසින් පියවර ගෙන තිබෙනවා.

ඔක්කම්පිටිය නගරය ආශ්‍රිත ව දැඩි කොවිඩ් අවදානම් තත්ත්වය නිසා මෙම පියවර ගෙන ඇති අතර ඇතැම් වෙළඳසැල් හිමියන් විසින් අද දහවල් කාලයේ සිට ම වෙළඳසැල් වසා තැබීමටයි  කටයුතු කර ඇත්තේ.
 
 ඔක්කම්පිටිය නගරයේ ප්‍රජාව ආශ්‍රිත ව ඊයේ දින සිදු කළ රැපිඩ් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් දාහත් දෙනෙකු වාර්තා වුණා.
 
එමෙන්ම බුත්තල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ හැත්තෑ නවයකින් කොවිඩ් ආසාදිතයින් ලෙස හැත්තෑ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සඳහන්.
 
මෙම තත්ත්වයන් හේතු කරගනිමින් ඔක්කම්පිටිය වෙළඳ සංගමය මඟින් මෙම තීරණය ගෙන ඇති අතර වෙළඳසැල් විවෘත කරන දිනයක් ඉදිරියේ දී ජනතාවට දැනුම් දෙන බවට ඔක්කම්පිටිය වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්.පී.ජී දිසානායක පැවසුවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top