සිඩ්නි නුවර නිරෝධායන ක්‍රියාමාර්ග දැඩි කෙරේ
Tuesday, 10 August 2021 - 15:21 | Views - 370
මිලියන 5 ඉක්මවූ ජනගහනයක් වෙසෙන ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි පුරවරයේ සති 6 කට වැඩි කාලයක් ක්‍රියාත්මක කොරෝනා මර්දන නිරෝධායන ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගැනෙනවා.

ප්‍රාන්ත බලධාරින් ප්‍රකාශ කළේ ඊයේ දිනයේදී මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවක් එනම්, ආසාදිතයින් 343 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙලෙස සිඩ්නි නුවර කොරෝනා ව්‍යාප්තියට හේතුවී තිබෙනවා.

සිඩ්නි නුවර ඇතුළත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ කොරෝනා මරණ 3 ක් ද වාර්තා වුණා.

ඔවුන් සියලුදෙනාම එන්නත් නොලැබූ අය බව සඳහන්.

මේ හේතුවෙන් දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාමාර්ග දැඩි කෙරෙන අතර අත්‍යාවශ්‍ය කරුණක් හැර නිවෙස්වලින් නික්ම නොයන ලෙසට දැනුම් දෙනවා.

කෙසේ නමුත්, ඇදිරි නීතිය පැනවීම වැනි ක්‍රියාමාර්ගවලට එළඹීමට අදහසක් නොමැති බවයි ප්‍රාන්ත බලධාරින් ප්‍රකාශ කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top