මිලියන 5 ඉක්මවූ ජනගහනයක් වෙසෙන ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි පුරවරයේ සති 6 කට වැඩි කාලයක් ක්‍රියාත්මක කොරෝනා මර්දන නිරෝධායන ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගැනෙනවා.
ප්‍රාන්ත බලධාරින් ප්‍රකාශ කළේ ඊයේ දිනයේදී මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවක් එනම්, ආසාදිතයින් 343 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙලෙස සිඩ්නි නුවර කොරෝනා ව්‍යාප්තියට හේතුවී තිබෙනවා.
සිඩ්නි නුවර ඇතුළත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ කොරෝනා මරණ 3 ක් ද වාර්තා වුණා.
ඔවුන් සියලුදෙනාම එන්නත් නොලැබූ අය බව සඳහන්.
මේ හේතුවෙන් දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාමාර්ග දැඩි කෙරෙන අතර අත්‍යාවශ්‍ය කරුණක් හැර නිවෙස්වලින් නික්ම නොයන ලෙසට දැනුම් දෙනවා.
කෙසේ නමුත්, ඇදිරි නීතිය පැනවීම වැනි ක්‍රියාමාර්ගවලට එළඹීමට අදහසක් නොමැති බවයි ප්‍රාන්ත බලධාරින් ප්‍රකාශ කළේ.