ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවතට (Video)
Tuesday, 10 August 2021 - 13:27 | Views - 301
ආනයනික කිරිපිටි මත පනවා ඇති බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
කිරිපිටි මිල ඉහළ නැංවීමට ආනයනික සමාගම් අඛන්ඩව ඉල්ලීම් සිදුකළද, ඊට අවසර හිමිවූයේ නැහැ. ඒ අනුව, සිය ආනයන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේ.
එමෙන්ම, ආනයනකරුවන් සිය ආනයන කටයුතු සීමා කිරීම නිසා වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ද නිර්මාණය වී තිබෙනවා.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි අමාත්‍ය මණ්ඩලය මිල ඉහළ නොදමා බදු අඩු කිරීමට මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර, ගෑස් තොග ප්‍රමාණවත් පරිදි රට තුල පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා. මාස 3 කට ප්‍රමාණවත් පරිදි සීනි තොග ද රට සතුව පවතින බවයි ඔහු කියා සිටියේ.
Share This Article