අනියම් පෙමින් අවසන් වූ ජීවිත තුනේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
Monday, 09 August 2021 - 13:07 | Views - 1,835
ගල්ගමුව - මහනාන්නේරිය ප්‍රදේශයේදී 28 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දස හැවිරිදි පුත්‍රයා ඝාතනය කර 28 හැවිරිදි තරුණයකු සියදිවි හානි කරගත් බව කියන සිද්ධියට අදාල පශ්චාත් මරණ පරීක්ෂණ අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

පොලීසිය සඳහන් කළේ මෘත දේහ වල කොරෝනා පරීක්ෂණ වාර්තා අද ලැබීමෙන් අනතුරුව එම කටයුතු සිදු කරන බවයි.

දැනට ලැබී ඇති සාක්ෂි වලට අනුව ඝාතන සිදු කර ඇත්තේ සියදිවි හානිකර ගත් 28 හැවිරිදි තරුණයා විසින් බවට පොලීසිය සැක කරනවා.

ඔහු විසින් ලියූ බවට සැක කෙරෙන ලිපියක් ද අදාළ නිවස තුළ තිබී පොලීසිය විසින් පසුගියදා සොයා ගැණුනා.  

ඝාතනයට ලක්වූ කාන්තාවගේ, ඇගේ දරුවාගේ සහ සියදිවි හානිකරගත් තරුණයාගේ සිරුරු කාන්තාවගේ නිවස තුළ තිබී හමු වුනේ පෙරේදා දිනයේදීයී.

මවට සහ පුතුගේ දෑස්වලට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතන සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. ඝාතනය අතරතුර නිවසේ සිටි අදාළ කාන්තාවගේ 5 හැවිරිදි පුත්‍රයා යාබද නිවසට පළා ගොස් දිවි බේරාගෙන ඇති බවටයි අනාවරණය වුනේ.

මිය ගිය කාන්තාව සහ සියදිවි හානි කර ගත් බවට සැක කෙරෙන තරුණයා අතර අනියම් සබඳතාවක් පැවති බවට ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබුණා.

කෙසේ වෙතත් අදාල ලිපිය පිළිබඳව ද පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.




 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top