අනියම් පෙමෙන් එලොව ගිය ජීවිත (Video)
Saturday, 07 August 2021 - 15:39 | Views - 1,143
ගල්ගමුව - මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු තුනක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවක්, ඇගේ පුත්‍රයා සහ තවත් තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මත නිවසක් තුළ සිදුකළ පරීක්ෂාවකදී.

මියගොස් සිටි 28 හැවිරිදි කාන්තාවක් , ඇයගේ වයස අවුරුදු 10 ක් පමණ වූ පිරිමි දරුවා සහ තවත් 28 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරු සොයා ගැණුනා.

පොලීසිය කළ මූලිකවිමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඊයේ රාත්‍රී ඇති වූ යම් ආරවුලක් දුරදිගයාමෙන් අදාළ 28 හවිරිදි තරුණයා මෙම කාන්තාව සහ ඇගේ
පුත්‍රයා ඝතනය කර ඇති බවයි.

අදාළ ආරවුල සිදුවන අවස්ථාවේ එහි සිටි 5 හැවිරිදි දරුවෙකු යාබඳ නිවසට දිව ගොස් දිවි බේරා ගෙන තිබෙනවා.

පොඩි එක්කෙනා ඇවිත් කිව්වේ අම්මා නැහැ කියලා.ඊට පස්සේ තමයි මම ළමයාව ගත්තේ.

අරගෙන ඉවරවෙලා නංගිට කෝල් එක ගත්තා නංගි ෆෝන් එක ආන්සර් කළේ නැහැ.

එයාලා තමයි ගෙට ගියේ මම ගෙට ගියේ නැහැ.

එයාලා බලනකොට තමයි කිව්වේ මරලා දාලා කියලා.

ඝාතනයට ලක් වූ කාන්තාව සහ ඇගේ නිවස තුළ සිය දිවි හානි කර ගත් තරුණයා අතර අනියම් සබඳතාවක්ද පැවති බවට පොලීසිය සැකපළ කරනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා නාවික හමුදා සේවයේ නියුතුවූවෙකු වන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවයි.

ඝාතනයෙන් පසු සිය දිවි හානි කරගත් තරුණයාද ගල්ගමුව - මහනාන්නේරිය ප්‍රදේශයේම පදිංචි අයෙක්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගල්ගමුව පොලීසිය විසින් සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top