කොරෝනා මරණ 5000සේ සීමාවට ළඟාවෙයි
Saturday, 07 August 2021 - 12:20 | Views - 16,068
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5000සේ සීමාවට ළඟා වී තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 98ත් සමඟයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පසුගිය 5 වන දා තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 98ක් ඊයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට සමස්ත කෙරෝනා මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගියා.

මිය ගිය පිරිසෙන් 70 දෙනෙකුම අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ නව ආසාදිතයින් 2794 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 24,223ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 2792 නෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 31,095ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ  මුළු සංඛ්‍යාව දෙලක්ෂ 88,307ක්.  

මේ අතර, පවතින තත්ත්වය පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ කඩිනමින් රට වසා දැමීම සිදුනොකළහොත් තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි.

කෙසේ වෙතත්, මොරටුව ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ රට වසා දැමීමට කටයුතු කළහොත් අඩු ආදායම් ලබන සහ දෛනික ආදායම් ලබන බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට ලක් වන බවයි.

ඒ හේතුවෙන් කළ යුත්තේ රට වසා දැමීමේ තත්ත්වයකට නොයන පරිදි සියළු දෙනා එක්ව කටයුතු කිරීම බව ද ඔහු ප්‍රකාශ කළා.  

මේ අතර, පවතින තත්ත්වය පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ  වෛද්‍ය සංජීව ගොඩකන්ද ගර්භනී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top